උදර වේදනාවකට රෝහල් ගතකළ 14 හැවිරිදි දැරියගේ කුසේ දරුවෙක්

උදර වේදනාවක් හේතුවෙන් රෝහල් ගත කළ 14 හැවිරිදි දැරියක් ගැබ්ගෙන ඇති බව සිදුකළ පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

ඊයේ (31) රාත්‍රියේ ඇති වූ උදර වේදනාවක් හේතුවෙන් හපුතලේ ,කැල්බන් වත්ත ප්‍රදේශයේ පදිංචි දැරියක් ඇයගේ මව්පියන් විසින් දියතලාව රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී වෛද්‍යවරුන් විසින් දැරිය පරීක්ෂා කිරීමෙන් පසු ඇය ගැබිණියක් බවට අනාවරණය වී ඇති බවයි හපුතලේ පොලීසිය පැවසුවේ.

දැරියගෙන් රෝහල් පොලිසිය ප්‍රකාශයක් ලබා ගැනීමේ අනතුරුව මෙම සම්බන්ධයෙන් සැකපිට 52 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හපුතලේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (01) දින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18