පළාත් පාලන ආයතනවල නගරාධිපති සහ සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ

2025 පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිපල මත පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව මැතිවරණ දිස්ත්‍රික්ක 21ක් සඳහා පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබාගත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් මෙලෙස ගැසට් කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත්තේ.

අදාළ ගැසට් නිවේදනය මෙතැනින්.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමේ දී තේරී පත්වූ සභිකයින්ගේ නම් සියල්ල ද මැතිවරණ කොමිසම විසින් මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර අවසන්.

එම ගැසට් නිවේදන මෙතැනින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
1
+1
0
+1
2
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?