දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය හෙට (01) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇති බවට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
කෙසේ වෙතත් හෙට (01) දිනයේ දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල සහ මාතර දිස්ත්‍රික්කවලට් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.
සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්ම වූ තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-40ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද දැනුම් දෙනවා.
.





