දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයට හේතුවෙන් ආපදා තත්ත්වය පත් ජනතාවට වන්දි ගෙවීමට ජනාධිපතිවරයාගේ නියමයෙන් රුපියල් මිලියන 1000ක් වෙන්කර තිබෙනවා.
ඒ, අනුව ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයෙක්ට රුපියල් ලක්ෂ 10ක්, ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයෙක්ට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලකුත් පිරිනැමීමටයි රජය තීරණය කර ඇත්තේ.
ඊට අමතරව පූර්ණ හානි වූ නිවසකක් සඳහා රුපියල් ලක්ෂ 25ක වන්දි මුදලක් ද, අර්ධ හානි වූ නිවසකට හානි වූ ප්‍රමාණය අනුව වන්දි ගෙවීමට ද තීරණය කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1















