ත්‍රිරෝද රථයෙන් එළියට විසි වූ දරුවා බසයට යට වී මරුට

ත්‍රිරෝද රථයක ගමන් කළ කුඩා දරුවෙන් ඉන් එළියට විසි වී බස් රථයකට යට වී ජීවිතක්ෂයට පත්වූ පුවතක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු තුනක පිරිමි දරුවෙක්.

මෙම දරුවා අද (30) දහවල් සිය පුංචි අම්මාගේ දියණියගේ කණට කරාඹු දැමීම සඳහා මාලමුල්ල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් වෙත ත්‍රිරෝද රථයකින් ගොස් තිබෙනවා.

මෙම පිරිමි දරුවා සමඟ ගැහැණු දරුවෙකු සහ තවත් වයස අවුරුදු 10 දරුවෙකු ද ත්‍රිරෝද රථයේ ගමන්කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පානදුර – රුක්ගහ ප්‍රදේශයේ දී බස්රථයක් මගීන්ට බැසීමට නවත්වා ඇති අතර, එම අවස්ථාවේ දී බසයට පිටුපසින් පැමිණි ලොරි රථයක් බසයට ඉස්සර කිරීමට උත්සාහ දරා තිබෙනවා.

එම අවස්ථාවේ දී බස්රථයට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයේ රියදුරු තිරිංග තද කර ඇති අතර, එම අවස්ථාවේ දී ත්‍රිරෝද රථයේ සිටි දරුවා ත්‍රිරෝද රථයෙන් පිටතට විසි වී ඇති බව සඳහන්.

එලෙස ත්‍රිරෝද රථයෙන් පිටතට විසි වී දරුවා ඉදිරියට පැමිණි බස් රථයට යට වී අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නෙතූස තත්සර නැමැති පානදුර අරුක්ගොඩ, ෆොන්සේකා මාවත ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
29
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03