මහවෙලමුල්ලේ සාන් සුද්දාට පොලිසියෙන් වෙඩි (වීඩියෝ)

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරක් අනුව වැල්ලවාය නගරය ආසන්න ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

මෙම වැටලීමේ දී පොලීසියට අවශ්‍යයව සිටි වැල්ලවාය ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මහවෙලමුල්ලේ සාන් සුද්දා’ නොහොත් ‘සම්පත් කුමාර’ නැමැති පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී සැකකරු විසින් පොලීසියට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර, පසුව පොලිස් නිලධාරීයෙකු විසින් සැකකරුගේ දණහිසෙන් පහතට වෙඩි තබා තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සැකකරු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බව පොලීසිය සඳහන් කළා.

සැකකරු සන්තකයේ තිබූ පාර්සලයක තිබී මත්ද්‍රව්‍ය ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
14
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?