මහවෙලමුල්ලේ සාන් සුද්දාට පොලිසියෙන් වෙඩි (වීඩියෝ)

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරක් අනුව වැල්ලවාය නගරය ආසන්න ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

මෙම වැටලීමේ දී පොලීසියට අවශ්‍යයව සිටි වැල්ලවාය ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මහවෙලමුල්ලේ සාන් සුද්දා’ නොහොත් ‘සම්පත් කුමාර’ නැමැති පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී සැකකරු විසින් පොලීසියට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර, පසුව පොලිස් නිලධාරීයෙකු විසින් සැකකරුගේ දණහිසෙන් පහතට වෙඩි තබා තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සැකකරු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බව පොලීසිය සඳහන් කළා.

සැකකරු සන්තකයේ තිබූ පාර්සලයක තිබී මත්ද්‍රව්‍ය ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54