හිටපු අමාත්‍ය මහින්දානන්ද හා නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ සහිත ව සිර දඬුවම් (වීඩියෝ)

හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු යන විත්තිකරුවන් හට බරපතළ වැඩ සහිත ව සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ අනුව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හට වසර 20ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට වසර 25ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබා දීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (29) නියෝග කළා.

නියෝගය මහාධිකරණ විනිසුරුවරුන් වන සභාපති විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි, ප්‍රදීප් අබේරත්න ඇතුළු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශට පත් කළා.

නියෝගය ප්‍රකාශට පත් කරමින් විනිසුරු මඩුල්ල පවසා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතාට එරෙහිව 2014 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ක්‍රීඩා සමාජ සඳහා කැරම් බෝඩ් 14,000ක් සහ කෙටුම්පත් පුවරු 11,000ක් ඇතුළු ක්‍රීඩා උපකරණ ආනයනය කිරීමේදී රුපියල් මිලියන 53.1ක වංචාවක් සිදු කර ඇති බවට අල්ලස් කොමිසම විසින් සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා 6ක් යටතේ මෙම ගොනු කර තිබුණා.

අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම නඩුව ගොනු කළා.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටි අතර මහින්දාන්නද අලුත්ගමගේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01