ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයකින් යුත් බහු‑ආංශික යාන්ත්‍රණයකට රජයේ අවධානය

ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයකින් යුත් බහු‑ආංශික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, 2025‑03‑03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලද නව රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි ‘ සුරක්ෂිත ළමා ලෝකයක් – නිර්මාණශීලී අනාගත පරපුරක් ‘ යන ප්‍රතිපත්තිමය බැඳියාවෙහි ප්‍රධාන මූලධර්මයක් වශයෙන් දරුවන්ට සිදුවන අපයෝජන සහ සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීම හඳුනාගනු ලැබ ඇති බවයි.

දරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විවිධ අයුරින් මැදිහත් වන පාර්ශ්වයන් කිහිපයක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ දැනට ක්‍රියාත්මක වනවා.

ඒ අතුරින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලීසිය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබනවා.

දරුවන්ට සිදු වන අපයෝජන සහ සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් පැය 24 පුරාම පැමිණිලි භාර ගැනීමේ පහසුකම් සලසා තිබෙනවා.

එසේ වුව ද, විධිමත් අයුරින් පැමිණිලි ඉදිරිපත් නොවන අවස්ථාවන් ද බහුල වශයෙන් පවතින බව පෙනී ගොස් තිබෙනවා.

එවැනි අවස්ථාවලදී කඩිනමින් මැදිහත්ව කටයුතු කිරීමට හැකි වන පරිදි පහත සඳහන් පියවර ගැනීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඒ අනුව;

*කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වය යටතේ අදාළ අනෙකුත් ආයතනවල නියෝජනයන්ගෙන් සමන්විත ස්ථාවර ජාතික කමිටුවක් පත් කිරීම.

*දරුවන්ට එරෙහි කායික දණ්ඩනය තුරන් කිරීමට හැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහයට කඩිනමින් සංශෝධන හඳුන්වා දීම.

*දරුවන්ට සිදු වන අපයෝජන සහ සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් පිළිබඳව වාර්තාකරණයේ දී වින්දිත දරුවන් නැවත නැවත වින්දිතයන් බවට පත් වීම වැළැක්වීමට හැකි වන පරිදි යෝග්‍ය විධිවිධාන ඇතුළත් කරමින්, දැනට කෙටුම්පත් කෙරෙමින් පවතින මාධ්‍ය ආචාරධර්ම පද්ධතිය කඩිනමින් ප්‍රකාශයට පත් කිරීම.

  • වින්දිත දරුවන්ගේ අනන්‍යතාවට හානි වන අයුරින් ජනමාධ්‍ය ආයතන හා සමාජ මාධ්‍ය සන්නිවේදකයින් විසින් සිදු කරනු ලබන කටයුතු නියාමනය කිරීම සඳහා අපරාධ සහ සාක්ෂිකරුවන්ගේ වින්දිතයින් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලයේ සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ක්ෂණික මැදිහත්වීම් ලබා ගැනීම මේ අතර වූ යෝජනා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13