මදුරුවන් ඇතිකළ 1470 කට නීතිමය ක්‍රියාමාර්ග – සතියක් තුළ ස්ථාන 128,824ක් පරීක්ෂාවට

මැයි මස 19 වනදා සිට 24 දක්වා කාලය තුළ දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 95ක් කේන්ද්‍රකර ගනිමින් විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා.

මෙම මදුරු මර්ධන වැඩසටහනේ දී නිවාස 119,677ක්, පාසල් 257ක්, රජයේ ආයතන 789ක්, පෞද්ගලික ආයතන 5025ක්, ආගමින ස්ථාන 514ක් ඇතුළු පරිශ්‍රයක් 128,824ක් පරීක්ෂාවට ලක් කළ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.

මෙහිදී මදුරුවන් බෝ විය හැකි ස්ථාන 31,145ක් හඳුනාගෙන ඇති අතර, මදුරු කීටයින් සහිත පරිශ්‍ර 6077ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ, අනුව රතු නිවේදන නිකුත් කිරීම් 3916ක් සිදුකර ඇති අතර, පරිශ්‍ර 1470 කට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11