කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

හෙට (25) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ, අනුව හෙට (25) පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12ක කාලයක් මෙලෙස ජලසැපයුම අත්හිටුවනු ඇති.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව කොළඹ 1 සිට 15 දක්වා, කෝට්ටේ. කඩුවෙල, බත්තරමුල්ල, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, IDH, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

මේ හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලය සිය ජල පාරිභෝගිකයින්ට දැනුම් දෙන්නේ ජලය එක් රැස්කර තබා ගන්නා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?