හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමේ සිද්ධියේ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව ඉලක්ක කර ගනිමින් සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත වම විමර්ශන මෙලෙස කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුසිත හල්ඔලුව මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ඔහු ගමන් ගත් මෝටර් රථයට සහ අහසට ඊයේ (17) රාත්‍රියේ වෙඩි තබා පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහිදී වෙඩික්කරුවන් විසින් තුසිත හල්ලොලුවට පහර දී ඔහු සන්තකයේ තිබූ ලිපිගොනුවක් ද පැහැරගෙන ගොස් තිබෙනවා.

මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ තුසිත හල්ලොලුවගේ නීතිඥවරයා ද මෝටර් රථයේ සිට ඇති බවයි වාර්තා වුණේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව තුසිත හල්ලොලුව පසුගිය 15 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ද ලබාදෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22