ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව ඉලක්ක කර ගනිමින් සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.
වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත වම විමර්ශන මෙලෙස කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
තුසිත හල්ඔලුව මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ඔහු ගමන් ගත් මෝටර් රථයට සහ අහසට ඊයේ (17) රාත්‍රියේ වෙඩි තබා පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.
එහිදී වෙඩික්කරුවන් විසින් තුසිත හල්ලොලුවට පහර දී ඔහු සන්තකයේ තිබූ ලිපිගොනුවක් ද පැහැරගෙන ගොස් තිබෙනවා.
මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ තුසිත හල්ලොලුවගේ නීතිඥවරයා ද මෝටර් රථයේ සිට ඇති බවයි වාර්තා වුණේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව තුසිත හල්ලොලුව පසුගිය 15 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ද ලබාදෙනු ලැබුවා.














niwata wedak janadipathi waraya wagakiwauthiui