දේශබන්දු ගැන සොයන විමර්ශන කමිටුව 19 වනදා සිට පරීක්ෂණ කටයුතු අරඹයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව එළඹෙන 19 වනදා සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, පසු ගිය සති කිහිපය තුළ දී එම කමිටුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වී මූලික විමර්ශන සිදුකිරීමෙන් අනතුරුවයි

මේ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එළ‍ෙඹන 19 වනදා එම කමිටුව පෙනී සිටින ලෙස නොතීසියක් මගින් දැන්වා තිබෙනවා.

ඒ, අනුව ඔහු එදින කමිටුව හමුවේ පැවැත්වීමට නියමිත පරීක්ෂණ කටයුතු සඳහා පෙනී සිටීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.

විමර්ශන කමිටුව එළඹෙන 19 වනදා පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?