ත්‍රස්තයන්ට අවසන් ගෞරව දක්වන්න පාකිස්තාන හමුදා ප්‍රධානීන් සහභාගී වූ බවට ඉන්දියාවෙන් චෝදනා

සින්දූර් මෙහෙයුමේ දී මියගිය ලක්ෂා ඊ තායිබා (LeT) ත්‍රස්තවාදියෙකු වන අබ්දුල් රවුෆ්ගේ අවමංගල්‍යයට සහභාගී වූ පාකිස්තාන නිලධාරීන්ගේ නම් ඉන්දියාව හෙළි කර තිබෙනවා.

පකිස්ථානයේ මුරිඩ්කේ හි පැවති අවමංගල්‍යය උත්සවයට මියගිය අනෙකුත් ත්‍රස්තවාදීන් සහ එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර ඇති LeT අණදෙන නායකයෙක් වූ අබ්දුල් රවුෆ් ඇතුළත් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ලුතිනන් ජෙනරාල් ෆයියාස් හුසේන්, මේජර් ජෙනරාල් රාඕ ඉම්රාන්, බ්‍රිගේඩියර් මොහොමඩ් ෆුර්කාන් (පරිපාලනය), පන්ජාබ් මන්ත්‍රී උස්මාන් අන්වර් සහ මලික් සොහයිබ් අහමඩ් ඇතුළු පකිස්ථාන හමුදාවේ සහ පොලිසියේ ඉහළ නිලධාරීන් අවමංගල්‍ය උත්සවයට සහභාගී වී සිටි බවට ඡායාරූප ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අබ්දුල් රවුෆ්ගේ මරණයට හේතු වූ සින්දූර් මෙහෙයුමේ දී ත්‍රස්ත කඳවුරු නවයක් ඉලක්ක කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?