අවසන් හුස්ම හෙලීමට පෙර කොවිඩ් ආසාදිත ගර්භණි වෛද්‍යවරිය ඉල්ලූ දේ – ඉන්දියාවෙන් ඇසෙන තවත් හද කම්පා කරවන පුවතක්

ගෙවුණු පැය 24 තුළත් ඉන්දියාවෙන් වාර්තාවූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව යළිත් තුන් ලක්‍ෂය ඉක්මවා තිබෙනවා.

මේ අතර කොවිඩ් මර්දනයට ලබා දෙන එන්නත්වල පළමු මාත්‍රාව ජනතාව වෙත ලබාදී සති පහකින් ආසාදිතයින් සහ මරණ වාර්තාවීම සැළකිය යුතු ලෙස පහළ යාමක් පෙන්නුම් කරන බව ඉතාලි අධ්‍යයනයකින් හෙළිව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ලොව කොවිඩ් ආසාදිත ව්‍යාප්තිය අතින් තවදුරටත් වැඩිම පැතිරීමක් පෙන්නුම් කරන ඉන්දියාවෙන් ඊයේ හඳුනා ගැණුනු නව ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්‍ෂ දස දහස ඉක්මවා ඇති අතර කොවිඩ් මරණ සංඛ්‍යාවද 4000 පසු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර දෛනිකව ඉහළ යන කොවිඩ් රෝගීන් වෙනුවෙන් නිසි පහසුකම් සැපයීමට ඉන්දීය සෞඛ්‍ය අංශ අපොහොසත්වීම හේතුවෙන් වයස් භේදයකින් තොරව රට පුරා විශාල පිරිසක් මියයමින් තිබීම ඉතා ඛේදනීය තත්ත්වයක් බව ඉන්දීය මාධ්‍ය තවදුරටත් පෙන්වා දෙනවා.

කොවිඩ් ආසාදිතව දින ගණනාවක් මුළුල්ලේ ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නියැලුණු වෛද්‍යවරියක් සිය අවසන් හුස්ම හෙළීමට පෙර ජනතාවට ප්‍රකාශ කළේ,

“කොරෝනා වෛරසය සරළව ගන්න එපා. මට කතා කර ගන්නවත් බෑ. ඒත් මේ පණිවුඩය මට ඔයාලට දෙන්න ඕනේ, එළියට හැම වෙලාවකම මාක්ස් එකක් දාන්න, මේ වගේ කාටවත් වෙනවට මම කැමැති නෑ. විශේෂයෙන් ගර්භනී අවස්ථාවක.”  ලෙසයි.

ඩිම්පල් අරෝරා නම් මේ වෛද්‍යවරිය කොවිඩ් ආසාදනය වන විට මාස හතක ගැබිනියක් වූ අතර ඇය මියයාමට පෙර දින ඇගේ කුස තුළ සිටි කළලයද බේරා ගැනීමට නොහැකි වූ බවයි වෛද්‍යවරුන් සඳහන් කළේ.

https://youtu.be/kNpF9bIGXns
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුව යට ගහනවා..පැහැදිලිවම වෙන ගිණුමකට දාලා l Mujibur Rahman
03:48
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15
Video thumbnail
ඉරාන් ක්‍රිකට් බෝඩ් එක භාරගන්නවද ? "භාරදෙන්න එපැයි භාරගන්නවද නැද්ද කියන්න"
02:13
Video thumbnail
සමහරු දැන් මගෙන් ඉගෙන ගන්න එනවා..ලාල්කාන්ත හැමෝගෙම ඉස්සරහා කිව්ව කතාව
03:38
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44