කොටහේන දැරියගේ සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක් – ටියුෂන් ආයතනයේ හිමිකරුත් සී.අයි.ඩීයට

කොටහේන ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසනවා.

අදාළ දැරියගේ මරණයෙන් පසු ළමා හා කාන්තා අපයෝජන නිවරණ හා විමර්ශන කාර්යාංශයේ 109 දරණ හදිසි දුරකථන අංකයට තුන්වන පාර්ශ්වයක් විසින්; මෙම දැරිය සහභාගී වූ උපකාරක පංතියකදී එම ආයතනය පවත්වාගෙන යන පුද්ගලයා විසින් දරුවන් ඉදිරියේ එම මානසික පීඩනයට පත්කර ඇති බවත් ඒ හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව සඳහන් කරමින් එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලබා පසුව කොටහේන ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටිය දී අදාළ සිදුවීමට මුහුණදී ඇතැයි ද පොලිසිය පවනවා.

මේ අතර ඇය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය හදාරන කාලයේ ම පාසලේ ගුරුවරයෙකුගේ අතවරයට ලක්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර සැකකාර ගුරුවරයා පසුගිය ජනවාරි 08 වනදා අත්අඩංගුවට ගෙන ජනවාරි 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැර තිබෙනවා.

සැකකරුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර, එම නඩුව ලබන 19 වැනිදා යළි කැඳවීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

මේ ඇත අදාළ දැරිය දරුවන් ඉදිරියේ එම මානසික පීඩනයට පත්කළ බවය කියන සැකකාර ටියුෂන් ආයතනයේ හිමිකරු ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

තමාගේ පිංතූර යොදාගනිමින් තමාගේ නමට ද අපහාස කරමින් හිතාමතා පිරිසක් විසින් සිදුකරනු ලබන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01