සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත සංශෝධනය කිරීම ගැන තීන්දුවක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම මාසික හා දෛනික වේතනය ඉහළ නැංවීමට අදාළව 2005 අංක 36 දරන සේවකයින්ගේ අයවැය සහන දීමනාව පනත, 2016 අංක 4 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව පනත සහ 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත සංශෝධනය කිරීම සඳහා 2025‑04‑07 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව, එම පනත් සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධන පනත් කෙටුම්පත් සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනයන් ලැබී තිබෙනවා.

එකී සංශෝධන පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
4
+1
5
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?