සැඟව සිටි ප්‍රසන්න රණවීර අධිකරණයට භාරවෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අධිකරණයට භාර වී තිබෙනවා.

අද (07) පෙරවරුවේ අධිකරණයෙන් මීට පෙර නිකුත් කර තිබූ විවෘත වරෙන්තු පිට සැඟවී සිටි රාජ්‍ය අමාත්‍යවරයා නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සමග එක් ව කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රසන්න රණවීර මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.

මීට පෙර නිවසේ දී ම අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් පිරිසක් තවදුරටත් පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

හිටපු අමාත්‍යවරයා දින 61කට ආසන්න කාලයක් අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් සැඟවී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?