අද රාත්‍රියේ සහ හෙට අලුයම් කාලයේ උල්කාපාත වර්ෂාවක්

මෙම වසරේ දැකගැනීමට හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අද (05) රාත්‍රියේ සහ හෙට (06) අලුයම් කාලයේ දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසනවා.

මෙම උල්කාපාත වර්ෂාව “ඊටා ඇක්වා රීට්ස්” නමින් හඳුන්වන බවයි විද්‍යාඥවරයා සඳහන් කළේ.

හෙට (06) අලුයම 4-5 අතර කාලය තුළ නැගෙනහිර අහස නිරීක්ෂණය කළහොත් මෙම උල්කාපාත වර්ෂාව ශ්‍රී ලාංකිකයින්ට පැහැදිලිව දැකගැනීමට හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙම උල්කාපාත වර්ෂාව තුළ පැයකට උල්කාපාත පනහක් පමණ දැකබලා ගැනීමට හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?