ඩෑන් ප්‍රියසාද් ඝාතනයට තවත් අයෙක් පොලිස් දැලේ – වෙඩික්කරු ඔත්තුව දීලා

පසුගිය අප්‍රේල් මස 22 වනදා වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම සැකකරු කොළොන්නාව ප්‍රදේශයේ දී ඊයේ (03) දහවල් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පෙරේදා දිනයේ බස්නාහිර පළාත් දකුණු දිශා අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගැනුණු මෙම අපරාධය සිදුකළ වෙඩික්කරු විසින් අනාවරණය කළ තොරතුරු මත අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 28ක කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුගෙන් අනාවරණය කරගත් කරුණු අනුව අපරාධය සඳහා යොදාගත් යතුරුපැදිය, ආරක්‍ෂිත හිස්වැසුම, ජංගම දුරකථන දෙකක් සහ සිම්කාඩ්පත් දෙකක් ද සොයාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39