ඩෑන් ප්‍රියසාද් සහ සහෝදරයා අවසන් ගමන් යැවූ පුද්ගලයා අත්අඩංගුවට

පසුගිය අප්‍රේල් මස 22 වනදා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ, කුරුඳුවත්ත ප්‍රදේශයේ දී මෙම සැකකරු ඊයේ (02 සවස් කාලයේ දී අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වෑබඩ, උතුරු වෑබඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක පුද්ගලයෙක් බවයි වාර්තා වූණේ.

මෙම සැකකරු ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයාගේ ඝාතනයේ ද සැකකරුවෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විමර්ශනවල දී මෙම සැකකරු අත්දන්ගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?