සුන්දර පරිසරය වනසන හැටන් නගරයේ වෙළෙන්දෝ

හැටන් නගරයේ මාංශ අලෙවිසැල්වල ඉවතලන අපද්‍රව්‍ය කාසල් රී ජලාශ රක්ෂිතයට මුදා හැ‍රීම හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදු ව තිබෙනවා.

මේ හේතුවෙන් අවට මාර්ගවලට මෙන් ම ජනතාවට ද සිදු ව ඇත්තෙ විශාල පාරිසරික අහිතකර වටපිටාවක් සමග ජීවත් වීමටයි.

හැටන් ප්‍රදේශයේ කුකුල් ගොවිපළවල්වල සහ කුකුල්මස් අලෙවිසැල්වල දිනපතා ඉවතලන අපද්‍රව්‍ය ත්‍රිරෝද රථ සහ ලොරි රථවලින් රැගෙන ගොස් හැටන් – නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ජලාශයට යාබදව පිහිටි රක්ෂිතයට ඉතා සූක්ෂ්ම ලෙස මුදා හැරීම හේතුවෙන් ඒ අවට දැඩි දුර්ගන්ධයක්, කසළ පිරුණු බවකින් යුක්ත බවයි ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින්නේ.

එම මාර්ගයේ වනරාජා වත්ත ප්‍රදේශයට දිනපතා රාත්‍රී කාලයේ ත්‍රිරෝද රථ සහ ලොරි රථවලින් අපද්‍රව්‍ය රැගෙන විත් බැහැර කරන බවට පොලිසියට පැමිණිලි රැසක් ද ලැබී තිබෙනවා.

පසුගිය සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ඉවතලන කුකුල් මස් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙසේ එම පරිසරට මුදා හැරීම නිසා එම ස්ථානයේ මැස්සන්, මදුරුවන් සහ පණුවන් විශාල වශයෙන් බෝ වී ඇති බවත්, දැකිය හැකි වනවා.

හැටන් දික්ඔය නගර සභාවේ හිටපු පාලකයින් නගරයේ දිනපතා එකතු වන කැලි කසළ සහ මෙවැනි මස් අපද්‍රව්‍ය බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් නොකිරීම හමුවේ හැටන් නගරයේ වෙළෙඳුන් විසින් එම අපද්‍රව්‍ය රැගෙන් විත් පරිසරයට මුදාහැරෙන බවටයි ප්‍රදේශවාසින් චෝදනා කර සිටින්නේ.

එබැවින් කඩිනමින් මෙම පාරිසරික දූෂණය වළක්වාලීමටත් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි..එක පාරක් සජබේ අපිට ඡන්දේ දෙන්න අපි මේ රට ගොඩ දාලා පෙන්නන්නම්..
01:53
Video thumbnail
මිල වැඩි කිරීම නිසා ජනතාවගේ රතු කට්ට පනියි..මෙයාලගේ කයිය විතරයි වැඩ බැහැ..කොච්චර සනීපද ?
02:44
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
01:20
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම..කළමනාකරණය ගැන මං සෑහීමකට පත්වෙනවා
04:28
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින්ට නහුතෙටම තදවෙයි..කොහෙදෝ යන යුද්දයක් මෙයාලා දාගෙන ඉන්නේ..
02:05
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
03:37
Video thumbnail
"තෙල් ගණන් ගිය එකට කමක් නෑ..මේකට ආණ්ඩුවට දොස් කියන්න බෑ"ඉන්ධන වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ
01:26
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල රතු කට්ට පනියි..ආණ්ඩුව සහ CPC එක වග කියන්න ඕනි
09:20