කොංගෝ හි බෝට්ටුවක් ගිනිගෙන 50ක් ජීවිතක්ෂයට – තවත් සිය ගණනක් අතුරුදන්

වයඹදිග කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) බෝට්ටුවක් ගින්නකට හසු වී අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි මගීන් 400ක් පමණ රැගත් මෝටර් ලී බෝට්ටුවක් ම්බන්ඩාකා නගරය අසල දී මෙලෙස ගිනිගෙන පෙරලී ගොස් ඇති බවයි.

සෙසු පුද්ගලයින් 350 දෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

රතු කුරුස සංවිධානයේ සහ පළාත් බලධාරීන්ගේ සහාය ඇතිව, අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු අද ආරම්භ කර ඇති බව ද වාර්තාවනවා.

මගීන් 400 ක් පමණ රැගත් මෝටර් ලී බෝට්ටුව, මාටන්කුමු වරායෙන් බොලොම්බා ප්‍රදේශයට පිටත් වූ පසු, ම්බන්ඩාකා නගරය අසල දී ගිනි ගත් බව කොමසාරිස් කොම්පෙන්ට් ලොයෝකෝ ඇසෝසියේටඩ් සඳහන් කළා.

මෙම බෝට්ටුවේ ආහාර පිසින අතරතුර දී ගින්න හටගෙන තිබෙනවා.

මගීන් 100 දෙනෙකු පමණ බේරාගෙන රෝහල්ගත කෙරුණ ද ඔවුන් දරුණු පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39