ඩුබායි සිට කටුනායක බලා පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවකට ලිංගික අතවර සිදුකළ බවට ඉන්දීය ජාතිකයෙක්
ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද (12) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අතවරයට පත් කාන්තාව ඩුබායි හි විදේශීය රක්ෂණ ආයතනයක සේවය කළ මීගමුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තැනැත්තියක් බවයි වාර්තා වුණේ.
මෙම කාන්තාව අද (12) අලුයම 05.25ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ඒ.ඩී.- 822 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එම ගුවන් යානය තුළ සිටි 35 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක් එම කාන්තාවට ලිංගික අතවර සිදුකර ඇති බවයි වාර්තා වී ඇත්තේ.
මේ පිළිබදව මෙම කාන්තාව ගුවන් යානා කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ අතර , ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් අනතුරුව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් සැකකාර ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් යානා කාර්යය මණ්ඩලයෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, වින්දිත කාන්තාව සහ ඉන්දීය ජාතිකයා ද වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට සැකකාර ඉන්දීය ජාතිකයා කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා.





