ඇමරිකා – චීන වෙළඳ යුද්ධයත් සමඟ රත්‍රං මිල ගණන් ඉහළට

එක්සත් ජනපදය සහ චීනය අතර වෙළඳ යුද්ධය උග්‍රවීමත් සමඟ අද (11) දින ලෝක වෙළඳපොලේ රත්‍රං මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3,200 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වන්නේ.

එය මෙතෙක් වාර්තා වූ ඉහළම අගය බවයි විදෙස් වාර්තා පේනවා දෙන්නේ.

ආයෝජකයින් ආරක්ෂිත වත්කම් කරා යොමුවීමත් සමඟ මෙලෙස රත්‍රං මිල ගණන් ඉහළ අගයක් ගෙන ඇති බවයි වාර්තා වුණේ.