හෙරොයින් ග්‍රෑම් 16ක් නිසා පුද්ගලයෙකුට මරණ දඬුවම නියම වෙයි

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 16කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස් සපුවිද මහතා විසින් අද (03) මෙම තීන්දුව ලබා දුන් බවයි.

2019 පෙබරවාරි මස 17 වැනිදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 16.88ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බවයි.

ඒ අනුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරන බවත් විනිසුරුවරයා නියම කළා.

මෙසේ මරණ දඬුවම් ලැබු පුද්ගලයා 47 වන වියේ පසුවන විවාහකයකු බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?