තරුණියන් දෙදෙනෙක් මුහුදට බිලි (ඡායාරූප)

මුලතිව්, නයාරු මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (31) පස්වරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19ක හා 20ක තරුණියන් දෙදෙනෙක්.

පොලිසිය පැවසුවේ මුලතිව් ප්‍රදේශයේ මැහුම් පාඨමාලාවක් හදාරණ තරුණියන් පිරිසක් සිය ගුරුවරිය සමඟ මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ මෙලෙස දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

මේ අතර දියේ ගිලීමෙන් බේරාගත් වයස අවුරුදු 20ක තවත් තරුණියක් ප්‍රතිකාර සඳහා මුලතිව් රෝහල් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් කෝකිලායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?