රුපියල් මිලියන 08කට අධික කේරළ ගංජා තොගයක් සොයාගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 20යි, ග්‍රෑම් 150ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ සැකකරුවෙකු පෙරේදා (26) වැනි දින රාත්‍රී කාලයේ දී නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරුණා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 08කට අධික වෙතැයි විශ්වාස කරන බවයි.

සැකකරු වයස අවුරුදු 47ක් වන සමන්තුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගැනුණා.

එම සැකකරු, කේරළ ගංජා තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?