රුපියල් මිලියන 08කට අධික කේරළ ගංජා තොගයක් සොයාගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 20යි, ග්‍රෑම් 150ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ සැකකරුවෙකු පෙරේදා (26) වැනි දින රාත්‍රී කාලයේ දී නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරුණා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 08කට අධික වෙතැයි විශ්වාස කරන බවයි.

සැකකරු වයස අවුරුදු 47ක් වන සමන්තුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගැනුණා.

එම සැකකරු, කේරළ ගංජා තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40
Video thumbnail
"අපිව පන්නනවා සර්.. අනේ දරුවන්ට මොකද වුණේ කියන්න"
00:45
Video thumbnail
"එකම ඉල්ලීමයි කරන්නේ.. අපේ දරුවෝ නිදහස් කරගන්න රස පරීක්ෂක වාර්තා එවන්න.."
00:55
Video thumbnail
තව ඇතුළේ වෙ# තියනවා - අම්මගේ අදෝනාව ඇහෙන්නේ නැද්ද ?..මේ මි#මරු JVP ආණ්ඩුව අපිට එපා
02:53
Video thumbnail
චමින්ද විජේසිරි බන්ධනාගාර වෑන් රථයෙන් පාර්ලිමේන්තුවට ආ හැටි
00:50