අහුංගල්ලේ සිදු වූ වෙඩි තැබීම ගැන ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලෙයි

අහුංගල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් නැවත බලපිටිය මහධිකරණයේ දී විභාගයට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අහුංගල්ල ප්‍රදේශයේ දී 2022 වසරේ ඔක්තෝබර් 12 වැනි දින ත්‍රී රෝද රථ රියදුරෙකුට වෙඩි තැබීමේන් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු වන තණමල්විල පදිංචිකරුවකු වූ කටුවන ගම් ආචාරිගේ මහේෂ් ඉන්දික යන අය වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ ව විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව පවරා තිබූ නඩුව පසුගිය දෙසැම්බර් මස 10 වන දින විභාගයට ගැනීමෙන් අනතුරුව නීතිපතිවරයාගේ නිර්දේශ මත අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා සාක්ෂි නොමැති බැවින්, මෙම නඩුව පවත්වාගෙන යාම අවසන් කිරීමට බලපිටිය ඩී. ජානක මහතා විසින් තීන්දු කිරීමෙන් අනතුරුව නීතිපතිවරයාගේ නිර්දේශය නැවත ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා මියගිය අයගේ පාර්ශ්වය විසින් බලපිටිය මහධිකරණය වෙත ඉල්ලීමක් කරන ලදුව ඒ සම්බන්ධයෙන් ඊයේ දින (25) මහාධිකරණයට කැඳවීමක් කරන ලදුව දෙපාර්ශ්වයම මහාධිකරණය හමුවේ පෙනී සිටියා.

රජයේ පාර්ශ්වය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනතා බණ්ඩාර මහතා පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ, නීතිඥ නදීෂා කන්නංගර සහ නීතිඥ බී. ප්‍රියංක යන නීතිඥ මඩුල්ල පෙනී සිටියා.

කරුණු සලකා බැලූ බලපිටිය මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එය ලබන 25 වන දින කැඳවන බව ප්‍රකාශ කළා.

මේ අවස්ථාවට මියගිය අයගේ අනියම් බිරිඳ වන නා ඔටුන්න පියුමි වත්සලා නමැත්තිය පැමිණ තිබූ අතර ඇයට වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ පොලිස් ආරක්ෂාව ද ලබා දී තිබුණා.

බලපිටිය මහාධිකරණ සංකීර්ණ ඉදිරිපිට විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය විසින් විශේෂ ආරක්ෂාවක් ලබාදීම ද සිදු කර තිබුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58