Empty Ad
AFC Banner
Empty Ad

අහුංගල්ලේ සිදු වූ වෙඩි තැබීම ගැන ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලෙයි

අහුංගල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් නැවත බලපිටිය මහධිකරණයේ දී විභාගයට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අහුංගල්ල ප්‍රදේශයේ දී 2022 වසරේ ඔක්තෝබර් 12 වැනි දින ත්‍රී රෝද රථ රියදුරෙකුට වෙඩි තැබීමේන් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු වන තණමල්විල පදිංචිකරුවකු වූ කටුවන ගම් ආචාරිගේ මහේෂ් ඉන්දික යන අය වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ ව විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව පවරා තිබූ නඩුව පසුගිය දෙසැම්බර් මස 10 වන දින විභාගයට ගැනීමෙන් අනතුරුව නීතිපතිවරයාගේ නිර්දේශ මත අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා සාක්ෂි නොමැති බැවින්, මෙම නඩුව පවත්වාගෙන යාම අවසන් කිරීමට බලපිටිය ඩී. ජානක මහතා විසින් තීන්දු කිරීමෙන් අනතුරුව නීතිපතිවරයාගේ නිර්දේශය නැවත ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා මියගිය අයගේ පාර්ශ්වය විසින් බලපිටිය මහධිකරණය වෙත ඉල්ලීමක් කරන ලදුව ඒ සම්බන්ධයෙන් ඊයේ දින (25) මහාධිකරණයට කැඳවීමක් කරන ලදුව දෙපාර්ශ්වයම මහාධිකරණය හමුවේ පෙනී සිටියා.

රජයේ පාර්ශ්වය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනතා බණ්ඩාර මහතා පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ, නීතිඥ නදීෂා කන්නංගර සහ නීතිඥ බී. ප්‍රියංක යන නීතිඥ මඩුල්ල පෙනී සිටියා.

කරුණු සලකා බැලූ බලපිටිය මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එය ලබන 25 වන දින කැඳවන බව ප්‍රකාශ කළා.

මේ අවස්ථාවට මියගිය අයගේ අනියම් බිරිඳ වන නා ඔටුන්න පියුමි වත්සලා නමැත්තිය පැමිණ තිබූ අතර ඇයට වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ පොලිස් ආරක්ෂාව ද ලබා දී තිබුණා.

බලපිටිය මහාධිකරණ සංකීර්ණ ඉදිරිපිට විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය විසින් විශේෂ ආරක්ෂාවක් ලබාදීම ද සිදු කර තිබුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31
Video thumbnail
මොනවා වුණත් මහින්ද මහත්තයා හැමදාමත් ඉන්නේ හදවතේ
00:22
Video thumbnail
රනිල් හදිසියේ අදත් ජාතිය අමතයි - මියන්මාරය ගැන රනිල් සංව්දී වෙයි
04:29
Video thumbnail
අසේල - විමල්ට කනේ ඇබ ගහගන්නම දෙසයි
05:34
Video thumbnail
කොළඹ 07 හොල්ලපු විමල්ගේ සෙට් එක - තත්ත්වය බරපතලයි - පොලිසියත් කැඳවයි
11:13

?