2023 දෙසැම්බර් 31 වැනිදා වැලිගම – පැලෑන ප්‍රදේශයේ පිහිටි W15 නමැති හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් සයදෙනා අධිකරණයට භාර වී තිබෙනවා.
අද (21) පෙරවරුවේ ඔවුන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෝසම් හරහා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීම මෙහෙයුවේ යැයි චෝදනා ලැබ සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ව රක්ෂිත බන්ධනාගාරගත කිරීම ඊයේ (20) දිනයේ දී සිදු කෙරුණා.
ඒ දින 20කට ආසන්න කාලයක් විවෘත වරෙන්තුවක් ලබා තිබියදිත් අධිකරණය මගහැර සැඟව සිටීමේ චෝදනාව ද සමගින් සැකකාර තෙන්නකෝන් මහතා පෙරේදා (19) දිනයේ දී උසාවියට භාර වීමත් සමගයි.
ඉන් අනතුරුව ඊයේ දිනයේ දී ද අධිකරණය නියෝග කළේ සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් මස 03 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.
එවන් පසුබිමකදියි සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් පැමිණ අධිකරණයට අද දිනයේ දී භාර වී ඇත්තේ.