W15 වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 06ක් උසාවියට භාරවෙයි

2023 දෙසැම්බර් 31 වැනිදා වැලිගම – පැලෑන ප්‍රදේශයේ පිහිටි W15 නමැති හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් සයදෙනා අධිකරණයට භාර වී තිබෙනවා.

අද (21) පෙරවරුවේ ඔවුන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෝසම් හරහා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇති බව‍යි වාර්තා වන්නේ.

මෙම සිදුවීම මෙහෙයුවේ යැයි චෝදනා ලැබ සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ව රක්ෂිත බන්ධනාගාරගත කිරීම ඊයේ (20) දිනයේ දී සිදු කෙරුණා.

ඒ දින 20කට ආසන්න කාලයක් විවෘත වරෙන්තුවක් ලබා තිබියදිත් අධිකරණය මගහැර සැඟව සිටීමේ චෝදනාව ද සමගින් සැකකාර තෙන්නකෝන් මහතා පෙරේදා (19) දිනයේ දී උසාවියට භාර වීමත් සමගයි.

ඉන් අනතුරුව ඊයේ දිනයේ දී ද අධිකරණය නියෝග කළේ සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් මස 03 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

එවන් පසුබිමකදියි සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් පැමිණ අධිකරණයට අද දිනයේ දී භාර වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18