Empty Ad
AFC Banner
Empty Ad

ස්ථාන මාරුවීමක් ඉල්ලා තිබෙනවා – එය ඉටුවන තෙක් වැඩ බලනවා – බුද්ධික මනතුංග

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට සුදුසු නිලධාරියෙකු පත් කරන තෙක් තමන් එම රාජකාරියේ වගකීම් ඉටු කිරීමට සේවයට බැඳී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.

අද (21) පෙරවරුවේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය ඉදිරිපිට දී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වීමට අදාළ අංශ වෙත ඉල්ලීමක් සිදු කර ඇති බවත් එය හුදෙක් ම පෞද්ගලික හේතුවක් මත සිදු වූවක් බවත් බුද්ධික මනතුංග මහතා කියා සිටියා.

එමෙන්ම පෞද්ගලික කාරණාවක් මත ස්ථාන මාරුවීමක් ද ජාතික පොලිස් සේවා කොමිෂන් සභාව ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවෙන් ද ඉල්ලා ඇති බවත් එය ඉටු වන තුරු තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ රාජකාරී කරන බව ද බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඊයේ (20) පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග මහතා ඉල්ලා අස් වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?