ස්ථාන මාරුවීමක් ඉල්ලා තිබෙනවා – එය ඉටුවන තෙක් වැඩ බලනවා – බුද්ධික මනතුංග

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට සුදුසු නිලධාරියෙකු පත් කරන තෙක් තමන් එම රාජකාරියේ වගකීම් ඉටු කිරීමට සේවයට බැඳී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.

අද (21) පෙරවරුවේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය ඉදිරිපිට දී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වීමට අදාළ අංශ වෙත ඉල්ලීමක් සිදු කර ඇති බවත් එය හුදෙක් ම පෞද්ගලික හේතුවක් මත සිදු වූවක් බවත් බුද්ධික මනතුංග මහතා කියා සිටියා.

එමෙන්ම පෞද්ගලික කාරණාවක් මත ස්ථාන මාරුවීමක් ද ජාතික පොලිස් සේවා කොමිෂන් සභාව ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවෙන් ද ඉල්ලා ඇති බවත් එය ඉටු වන තුරු තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ රාජකාරී කරන බව ද බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඊයේ (20) පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග මහතා ඉල්ලා අස් වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14