Empty Ad
AFC Banner
Empty Ad

සොරාගත් ත්‍රිරෝද රථවලින් ගොස් කතුන්ගේ දේපළ කොල්ල කෑ දෙදෙනෙක් අල්ලයි

සොරකම් කරන ලද ත්‍රිරෝද රථවලින් ගොස් මාර්ගයේ ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙළ බැඳි රන්මාල සහ අත්බෑග් කොල්ල කෑ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසනවා.

එහිදී සැකකරුවන් විසින් කොල්ලකෑම්වලට යොදාගත් ත්‍රිරෝද රථ දෙකක්, කොල්ලකන ලද රන් මාලයක්, ජංගම දුරකථනයක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 4800ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මොරගහහේන, කුඹුක ප්‍රදේශයේ ජය මාවත අසල සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙක් රැඳී සිටින බවට පොලිසිය ලැබුණු තොරතුරක් මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ පසුගිය 08 සහ 12 යන දිනයන්වල දී හොරණ ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථ දෙකක් සොරාගෙන මෙම කොල්ලකෑම්වල නිරත වූ බවයි.

එලෙස කොල්ලකන ලද රන් ආභරණ හොරණ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට උකස් කර තිබී‍ය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා මීට පෙර ද මෙවැනිම අපරාධ සිදුකර බන්ධනාගාර ගතව සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?