ජාතික දීපවාලි උත්සවය මාතලේ දී

මෙම වසරේ ජාතික දීපවාලි උත්සවය මාතලේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මාතලේ ශ්‍රී මුත්තුමාරියම්මන් කෝවිලේ පාලක මණ්ඩලය සමඟ එක්ව, ජාතික දීපවාලි උත්සවය නොවැම්බර් 07 වන සෙනසුරාදා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මෙම උත්සවය බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිණිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙනවා.

හින්දු ප්‍රජාවේ ආගමික, සංස්කෘතික හා සාම්ප්‍රදායික උරුමයන් සංරක්ෂණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම මෙන්ම, ප්‍රජාවන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, ආගමික සහජිවනය සහ ජාතික සමගිය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම ජාතික දීපවාලි උත්සවයේ ප්‍රධාන අරමුණයි.