බේරුවල පොලිසියේ සේවයට වාර්තා කිරීමට යතුරුපැදියෙන් පැමිණෙමින් සිටි කාන්තා පොලිස් සැරයන්වරියගේ රන්මාලය කොල්ල කන්න කළ උත්සාහය අවසානයේ පෙන්ඩනය පමණක් සොරන් අතට පත්වී තිබෙනවා.
එම නිලධාරිනිය මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ අලුයම පහයි තිහට පමණ බේරුවල පොලිස් වසමේ වලතර, හෙරලත් තුඩුව පාලම පසු කරනවාත් සමග බවට ප්රකාශකරනවා.
සිය සේවා ස්ථානය වන බේරුවල පොලිසියට පැමිණි විගස එම නිලධාරිනිය ස්ථානාධිපතිවරයා දැනුවත් කර පැමිණිල්ලක් ද සටහන් කිරීමෙන් පසු අපරාධ විමර්ශන නිලධාරීන්, ස්ථානය පරික්ෂාවට ලක් කර අවට කැමරා දර්ශන නිරීක්ෂණය කරමින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්රියාත්මක කර ඇති බව බේරුවල පොලිසිය ප්රකාශ කරනවා.
.
මේ වන විට පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇත්තේ කීරන්තිඩ්ය බදනගොඩ දෙස සිට පැමිණ ඇති සැකකාර යතුරුපැදියේ දෙදෙනා හෙරලත්තුඩුව පාලම පසුකර පොලිස් නිලධාරිනියගේ මඟ හරස් කර යතුරුපැදිය නවතා පසු අසුනේ සිටි අය මෙම රන්දම්වැල කොල්ලකෑමට කටයුතු කර ඇතිබවයි. එහිදී පොලිස් නිලධාරිනියද ඊට ඉඩ නොදී රන්දම් වැල තදින් අල්ලාසිටියදී පෙන්ඩනය පමණක් සොරුන් අතට පත්ව්මෙන් පසු නැවතත් සොරුන් දෙදෙනා පැමිණි දිශාව වන බදනගොඩ, ප්රදේශයට වේගයෙන් පලා ගොස් ඇති බව පොලිසිය සොයාගෙන තිබෙනවා.
එම ප්රදේශය කැලෑබද අවට ප්රදේශයක් බැවින් නිවාසද නොමැති අතර මේ වන විට ස්ථාන තුනක ආරක්ෂක කැමරා නිරීක්ෂණය කර බවත් තවදුරටත් එම පරීක්ෂාවන් සිදු කරමින් සැක කරුවන්අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව එම නිලධාරින් පවසනවා.










