සොරාගත් ත්‍රිරෝද රථවලින් ගොස් කතුන්ගේ දේපළ කොල්ල කෑ දෙදෙනෙක් අල්ලයි

සොරකම් කරන ලද ත්‍රිරෝද රථවලින් ගොස් මාර්ගයේ ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙළ බැඳි රන්මාල සහ අත්බෑග් කොල්ල කෑ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසනවා.

එහිදී සැකකරුවන් විසින් කොල්ලකෑම්වලට යොදාගත් ත්‍රිරෝද රථ දෙකක්, කොල්ලකන ලද රන් මාලයක්, ජංගම දුරකථනයක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 4800ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මොරගහහේන, කුඹුක ප්‍රදේශයේ ජය මාවත අසල සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙක් රැඳී සිටින බවට පොලිසිය ලැබුණු තොරතුරක් මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ පසුගිය 08 සහ 12 යන දිනයන්වල දී හොරණ ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථ දෙකක් සොරාගෙන මෙම කොල්ලකෑම්වල නිරත වූ බවයි.

එලෙස කොල්ලකන ලද රන් ආභරණ හොරණ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට උකස් කර තිබී‍ය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා මීට පෙර ද මෙවැනිම අපරාධ සිදුකර බන්ධනාගාර ගතව සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07