හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (16) දින විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසුගිය සිකුරාදා දිනයේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සභානායකවරයා පැවසුවේ ඉදිරියේ දී බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකිරීමට තීරණය කර ඇති බවයි.
ඊට අමතරව මෙම වාර්තාව සම්බන්ධයෙන්වන ඉදිරි කටයුතු සඳහා උපදෙස් හා යෝජනා ලබාදීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කිරීමට ද නියමිත බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමට ද නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම මෙම වාර්තාවේ පිටපත් සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් මහජනතාව වෙනුවෙන් පිටපත් නිකුත් කරන බව ද සභානායක අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කළා.
ඒ, අනුව එහි සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි පිටපත් පාර්ලිමේන්තුව විසින් ඊයේ (15) දිනයේ ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා.