ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (15) යෙදී තිබෙනවා.
“තිරසර ජීවන රටාවකට සාධාරණ සංක්‍රමණයක්” යන්න මෙවර ජාත්‍යන්තර පාරිභෝගික දිනයේ තේමාවයි.
පරිසරයට අනුවර්ථනය වූ වගකීමෙන් පිරුණු ජීවන රටා ගැන දැනුම්වත් කිරීමේ වැදගත්කම පිළිබඳව කාලීනව අවධානයක් යොමුකරමින් මෙවර එම තේමාව යටතේ පාරිභෝගික දිනය සමරනු ලබනවා.
සියලුම පාරිභෝගිකයින්ගේ මූලික අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට සහ එම අයිතිවාසිකම්වලට ගරු කිරීමට සහ ආරක්ෂා කිරීමට දිරිගැන්වීමට අවස්ථාවක් ලබාදීම මෙම දිනයේ ප්‍රධාන අරමුණක් වී තිබෙනවා.
ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය ප්‍රථම වරට 1983 දී සමරනු ලැබූ අතර, 1962 මාර්තු 15 වන දින ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි එක්සත් ජනපද කොංග්‍රසය අමතමින් කළ කතාව සිහිපත් කිරීම වෙනුවෙන් මෙම දිනය තෝරාගෙන තිබෙනවා.
පාරිභෝගික අයිතිවාසිකම් විධිමත් ලෙස පිළිගත් පළමු ලෝක නායකයා බවට ද ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිවරයා පත් වුණා.