Empty Ad
AFC Banner
Empty Ad

රට රැකියාවකට යන්න කලින් 1989 අංකය අමතා ඒජන්සිය ගැන දැනුවත් වන්න – ඇමති විජිත

රැකියා සඳහා පුද්ගලික ඒජන්සි ඔස්සේ විදෙස්ගත වන විට 1989 අංකය අමතා එම ඒජන්සි පිළිබඳ දැනුවත් වීමට හැකියාව පවතින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

රැකියා සඳහා විදේශගත කරන බව බව පවසමින් මුදල් වංචා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගියදා (12) පාර්ලිමේන්තුවේ පැවති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න කරනු ලැබූ අතර ඊට පිළිතුරු ලබා දෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මේ බව පැවසුවා.

තවද, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනුමත කරනු ලැබූ ඒජන්සි සහ ගාස්තු සම්බන්ධයෙන් සියලු තොරතුරු කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ දැනුවත් විය හැකි බවත් යම් පාර්ශ්වයක් විසින් අනුමත මුදලට වැඩි මුදලක් අය කරන්නේ නම් හෝ බලපත්‍රයක් නොමැතිව යම් ක්‍රියාවලියකට සම්බන්ධ වී ඇත්නම් කාර්යාංශට පැමිණිලි කළ හැකි බවත් පැමිණ සිටි නිලධාරීන් කාරක සභාවට දැනුම් දුන්නා.

රුසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එම රටේ යුද මෙහෙයුම් සඳහා යොදවන බවත්, ඉතාමත් අමානුෂික ලෙස ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන බවත් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නා.

ඊට පිළිතුරු ලබාදුන් සභාපතිවරයා මෙම තත්ත්වය පිළිබඳ තමා දැනුවත් බවත්, මෙය ඉතාම සංකීර්ණ තත්ත්වයක් බවත් සභාවට අවධාරණය කළා.

සංචාරක ප්‍රදේශයන්හි සංගීත සංදර්ශන සහ රාත්‍රී සාද සඳහා ශබ්ද විකාශන භාවිතය රාත්‍රී 10 වන තෙක් පමණක් සිමා වීම සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා යෝග්‍ය නොවන බවට මන්ත්‍රීවරයන් විසින් කාරක සභාව දැනුවත් කරනු ලැබූ අතර, ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ සාමාන්‍ය ජනතාවට බාධා නොවන අයුරින් මේ කාරණාව පිළිබඳ කටයතු කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යකෝ මේ වගේ බූරු පුත්තු - ගහන එක ගහපන්කෝ පොඩ්ඩක් ලොකුවට
Video thumbnail
මහින්දව නගරාධිපති කරන්න නුවරඑළියේ මිනිස්සු පොර කයි - මහින්දව ඉල්ලලා පාරේ නිදියයි
13:01
Video thumbnail
සුනිල් වටගල රාජ්‍ය නිළධාරීන් ඉදිරියේ කිව්ව අමුතු කතාව
01:59
Video thumbnail
රත්නපුරෙන් පිපෙන නාමල් - අපේ අපේක්ෂත්වයට මිනිස්සු පොරකනවා
03:06
Video thumbnail
නේවාසිකාගාරවල ආරක්ෂාවක් නෑ - දොස්තරවරු අවදානමක
05:08
Video thumbnail
සෙව්වන්දි ඝාතනය වුණාද ? ඝාතනය කළාද ? සුගීශ්වර මාධ්‍ය හමුවේ ආණ්ඩුව ෆ්ලැට් කරයි
23:17
Video thumbnail
ඇය සතුටින් - දික්කසාදයෙන් පසු හිරුණිකා ප්‍රථම වරට මාධ්‍ය අමතයි #hirunika_premachandra
19:13
Video thumbnail
ආණ්ඩුව ලෙෆ්ට් - පුටුවත් ජනතාව අතරට #slfp
03:18
Video thumbnail
බටලන්ද වාර්තාව කතානායක හඬවයි
03:52
Video thumbnail
ඔක්කොම අය ඉන්න තැන දන්නවලු - කවද්ද මෙයාලා අල්ලගන්නේ ?
04:12

?