රට රැකියාවකට යන්න කලින් 1989 අංකය අමතා ඒජන්සිය ගැන දැනුවත් වන්න – ඇමති විජිත

රැකියා සඳහා පුද්ගලික ඒජන්සි ඔස්සේ විදෙස්ගත වන විට 1989 අංකය අමතා එම ඒජන්සි පිළිබඳ දැනුවත් වීමට හැකියාව පවතින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

රැකියා සඳහා විදේශගත කරන බව බව පවසමින් මුදල් වංචා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගියදා (12) පාර්ලිමේන්තුවේ පැවති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න කරනු ලැබූ අතර ඊට පිළිතුරු ලබා දෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මේ බව පැවසුවා.

තවද, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනුමත කරනු ලැබූ ඒජන්සි සහ ගාස්තු සම්බන්ධයෙන් සියලු තොරතුරු කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ දැනුවත් විය හැකි බවත් යම් පාර්ශ්වයක් විසින් අනුමත මුදලට වැඩි මුදලක් අය කරන්නේ නම් හෝ බලපත්‍රයක් නොමැතිව යම් ක්‍රියාවලියකට සම්බන්ධ වී ඇත්නම් කාර්යාංශට පැමිණිලි කළ හැකි බවත් පැමිණ සිටි නිලධාරීන් කාරක සභාවට දැනුම් දුන්නා.

රුසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එම රටේ යුද මෙහෙයුම් සඳහා යොදවන බවත්, ඉතාමත් අමානුෂික ලෙස ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන බවත් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නා.

ඊට පිළිතුරු ලබාදුන් සභාපතිවරයා මෙම තත්ත්වය පිළිබඳ තමා දැනුවත් බවත්, මෙය ඉතාම සංකීර්ණ තත්ත්වයක් බවත් සභාවට අවධාරණය කළා.

සංචාරක ප්‍රදේශයන්හි සංගීත සංදර්ශන සහ රාත්‍රී සාද සඳහා ශබ්ද විකාශන භාවිතය රාත්‍රී 10 වන තෙක් පමණක් සිමා වීම සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා යෝග්‍ය නොවන බවට මන්ත්‍රීවරයන් විසින් කාරක සභාව දැනුවත් කරනු ලැබූ අතර, ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ සාමාන්‍ය ජනතාවට බාධා නොවන අයුරින් මේ කාරණාව පිළිබඳ කටයතු කළ යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17