සිරුර පැහැපත් කිරීමට බොන කිරිපිටි තොගයක් මෙරටට ගෙනා දෙදෙනකු අල්ලයි

රුපියල් ලක්ෂ 18ක් වටිනා සිරුර පැහැපත් කිරිමට යොදා ගන්නා විටමින් අඩංගු කිරිපිටි ටින් 179 ක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති හරිත මාවත ඔස්සේ පිටකර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු අද (04) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් අතරින් එක් අයෙකු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් තැනැත්තිය කොළඹ , කොටහේන ප්‍රදේශයේ අයෙක්.

සැකකරුවන් අද උදෑසන 09.17 ට මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 45 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු බවට ජාතික ඖෂධ අධිකාරියේ අවසරයකින් තොරව මෙම කිරිපිටි තොගය මෙරටට රැගෙන විත් තිබුණු බවයි වාර්තා වන්නේ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් දෙදෙනා අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ ව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38