පිටකොටුවේ ලංගම බස් රථයකට දිවි දුන් තරුණයා

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී ලංගම බස් රථයක පිටුපස රෝදයට හිස තබා තරුණයකු සිය දිවි හානි කරගන ඇතැයි පිටකොටුව පොලිසිය පවසනවා.

මෙම තරුණයා අම්පාර – සයින්දමරුදු ප්‍රදේශයේ තරුණයකුගේ ජාතික හැඳුනුම්පතක් ද සන්තකයේ තබාගෙන සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක පමණ තරුණයකු වන අතර අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නැහැ.

මහනුවර උතුර ඩිපෝවට අයත් මෙම ලංගම බස් රථය ඊයේ (03) පස්වරු 4.00ට පමණ ගමන් ආරම්භ කිරීමට සූදානම් ව බස් රථය පණ ගන්වා ධාවනය කිරීමට සූදානම් වූ අවස්ථාවේ තරුණයා බස් රථයේ පිටුපස දකුණු පස රෝදයට හිස තබා ඇති බවයි වාර්තා වන්නේ.

මොහු බස්රථය තුළට රිංගා මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවට සිදුකළ විමර්ශනයේදී හෙළි වූ බව පොලිසිය පැවසුවා.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාදීත් මියගොස් සිට තිබෙනවා.

මොහු කිසියම් මත්ද්‍රව්‍යයකට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙකු බව ද පොලිසිය පවසන බවයි දසත ප්‍රාදේශීය වාර්තාකාරිණිය සඳහන් කළේ.

මෙම තරුණයා අත තිබූ ජාතික හැඳුනුම්පතේ ලිපිනයට අනුව සයින්ද මරුදු ප්‍රදේශයේ නිවසට ගොස් පොලිසිය පරීක්ෂණ පැවැත්වීමේ දී, එම ජාතික හැඳුනුම්පත අයිති තරුණයා එම නිවසේ සිට ඇති අතර, ඔහු පවසා ඇත්තේ තමාගේ පසුම්බිය කොළඹ බස් රථයක් තුළ දී කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවයි.

ඒ අනුව මෙම තරුණයා බස් රථවල මගීන්ගේ මුදල් පසුම්බි ඇතුළු දේපළ සොරාගන්නා පුද්ගලයෙකු විය හැකි බවට ද සැක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
3
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12