පිටකොටුවේ ලංගම බස් රථයකට දිවි දුන් තරුණයා

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී ලංගම බස් රථයක පිටුපස රෝදයට හිස තබා තරුණයකු සිය දිවි හානි කරගන ඇතැයි පිටකොටුව පොලිසිය පවසනවා.

මෙම තරුණයා අම්පාර – සයින්දමරුදු ප්‍රදේශයේ තරුණයකුගේ ජාතික හැඳුනුම්පතක් ද සන්තකයේ තබාගෙන සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක පමණ තරුණයකු වන අතර අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නැහැ.

මහනුවර උතුර ඩිපෝවට අයත් මෙම ලංගම බස් රථය ඊයේ (03) පස්වරු 4.00ට පමණ ගමන් ආරම්භ කිරීමට සූදානම් ව බස් රථය පණ ගන්වා ධාවනය කිරීමට සූදානම් වූ අවස්ථාවේ තරුණයා බස් රථයේ පිටුපස දකුණු පස රෝදයට හිස තබා ඇති බවයි වාර්තා වන්නේ.

මොහු බස්රථය තුළට රිංගා මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවට සිදුකළ විමර්ශනයේදී හෙළි වූ බව පොලිසිය පැවසුවා.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාදීත් මියගොස් සිට තිබෙනවා.

මොහු කිසියම් මත්ද්‍රව්‍යයකට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙකු බව ද පොලිසිය පවසන බවයි දසත ප්‍රාදේශීය වාර්තාකාරිණිය සඳහන් කළේ.

මෙම තරුණයා අත තිබූ ජාතික හැඳුනුම්පතේ ලිපිනයට අනුව සයින්ද මරුදු ප්‍රදේශයේ නිවසට ගොස් පොලිසිය පරීක්ෂණ පැවැත්වීමේ දී, එම ජාතික හැඳුනුම්පත අයිති තරුණයා එම නිවසේ සිට ඇති අතර, ඔහු පවසා ඇත්තේ තමාගේ පසුම්බිය කොළඹ බස් රථයක් තුළ දී කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවයි.

ඒ අනුව මෙම තරුණයා බස් රථවල මගීන්ගේ මුදල් පසුම්බි ඇතුළු දේපළ සොරාගන්නා පුද්ගලයෙකු විය හැකි බවට ද සැක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
3
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?