දෙකෝටි ගණනක වැට් බදු මුදල් නොගෙවූ අධ්‍යක්ෂවරියට අවවාදාත්මක නියෝගයක්

රුපියල් දෙකෝටියකට ආසන්න වැට් බදු මුදල් නොගෙවා පැහැර හැරිය බව කියන නාවල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂකවරියකගේ විදෙස් ගමන් තහනම් කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා එම බදු මුදල් මාසයක කාලයක් ඇතුළත ගෙවා නිම කරන ලෙස එම ආයතනයේ වග උත්තරකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනාට නියෝග කළා.

නාවල ප්‍රදේශයේ පිහිටි සදර්න් ෆෝස් නමැති පුද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරුන් වන රිසානා ගුණසේකර නැමැති කාන්තාවකට හා අයි.ඩබි ගුණසේකර නමැති අයෙකුට අධිකරණයෙන් එසේ නියම වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

වැට් බදුු පනත ප්‍රකාරව එම බදු මුදල් සමථ කිරීමට ප්‍රතිපාදන නොමැති බවත් මාර්තු මස 25 දිනට පෙර ගෙවීමට අපොහොසත් වුවහොත් වගඋත්තරකරුවන්ට මාස හයක සිර දඬුවම් ලබාදෙන ලෙසට ද නියෝග කළා.

මෙම ආයතනය 2009 හා 2010 වර්ෂ දෙක සඳහා හිග බදු මුදල් වශයෙන් රුපියල් 19,227,332 ක මුදලක් රජයට ගෙවිය යුතුව ඇති නමුත් එම මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන අයි.ඩබ් ගුණසේකර හා රිසානා ගුණසේකර යන වග උත්තරකරුවන් දෙදෙනාට එරෙහිව 2020 වසරේදී අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබුණා.

වගඋත්තරකරුවන් දෙදෙනා අවස්ථා කිහිපයක දී අධිකරණය මගහැරීම සම්බන්ධයෙන් ඔවුන්ට විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අතර ඒ අනුව ඉහත සඳහන් වගඋත්තරකාරිය වන රිසානා ගුණසේකර නමැති කාන්තාව පමණක් අධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙම සිද්ධියේ පළමු වගඋත්තරකරු වන අයි.ඩබ් ගුණසේකර නමැති අය විදෙස්ගතව සිටින බවට ද වගඋත්රකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැන්වූවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි වගඋත්තරකාර අධ්‍යක්ෂවරිය ශරීර ඇප මත මුදා හරින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් නීතිඥය දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටි අතර වගඋත්තරකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනා වෙනුවෙන් ධම්මික රත්නායක හා ප්‍රියන්ත බණ්ඩාර යන නීතිඥවරු පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03