Empty Ad
AFC Banner
Empty Ad

දේපළ තණ්හාවට මවට වද දෙන දියණියගේ වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

දියණියක් විසින් සිය මවට අමානුෂික අයුරින් පහර දී හිරිහැර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබදව මේ වනවිට ඉන්දියාවේ ම අවදානය යොමුව තිබෙනවා.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමත් සමඟ පහරදීම සිදුකරන කාන්තාවගේ සහෝදරයා විසින් පොලිසියට පැමිණිල්ලක් ගොනුකර පවසා ඇත්තේ; තම සහෝදරිය තම මව සිරකරගෙන ඇයට මෙලෙස හිරිහැර සිදුකරන බවයි.

මවගේ දේපළ ඇගේ නමට පැවරීම සඳහා හර්යානා ප්‍රාන්තයේ හිසාර් හි පදිංචි තම සහෝදරිය විසින් මවට මේ ආකාරයෙන් මානසිකව හා ශාරීරිකව හිරිහැර සිදුකරන බවයි ඔහු පොලිසියට වැඩිදුරටත් පවසා ඇත්තේ.

තම සහෝදරිය පවුලේ දේපළක් රුපියල් ලක්ෂ 65 කට විකුණා එම මුදල් සාක්කුවේ දමා ගත් බවත්, අනෙකුත් දේපළ ඇගේ නමට මාරු කිරීමට අවශ්‍ය නිසා; මව ඇගේ නිවසේ සිරකරගෙන මෙලෙස වද හිංසා පමුණුවන බවයි එම පුද්ගලයා පවසනවා.

මේ අතර අසාද් නගර් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ දෙමාපියන්ගේ සහ වැඩිහිටි පුරවැසියන්ගේ නඩත්තුව සහ සුභසාධන පනත යටතේ දියණියට එරෙහිව නඩුවක් ගොනු කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?