කොළඹ නගරයේ පාකිංවලින් මිලියන 580ක පොල්ලක්

කොළඹ මහ නගර සභාවේ රථවාහන ගාල් කුලී අදායම් පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අවධානය යොමුව තිබෙනවා.

2024 වන විට රථවාහන ගාල් කොන්ත්‍රාත්කරුවන්ගෙන් ලැබිය යුතු හිඟ මුදල රුපියල් මිලියන 580ක් බවයි කාරක සභාවේ දී අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව 2025 වසරේ දී රථවාහන ගාල් කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ දී, හිඟ මුදල් ගෙවිය යුතු කොන්ත්‍රාත්කරුවන් ටෙන්ඩර් සඳහා තෝරා නොගැනීමට ක්‍රියා කර තිබෙන බවයි නිලධාරීන් කාරක සභාවට දැනුම් දුන්නා.

එම හිඟ මුදල් අයකර ගැනීම් මේ වන විටත් ආරම්හ කර ඇති බව එම නිලධාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මේ අතර කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයන්ට වාහන නැවැත්වීම සදහා වෙන්කළ භූමි ප්‍රමාණයන් වෙනත් පාර්ශ්වයන්ට අළෙවි කර ඇති බව විගණන වාර්තාවකින් හෙළි ඇති බව කාරක සභාවට අනාවරණය වුණා.

මෙහිදී කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයන්ට සම්ප්‍රදායිකව තමන්ගේ කාර්යාලය ආසන්නයේ වාහන නැවැත්වීම සදහා ඉඩක් වෙන්කරන බව නිලධාරීන් පැවසුවා.

ඒ, අනුව මෙලෙස තමන්ට ලබාදුන් භුමි ප්‍රමාණයන් වෙනත් පාර්ශ්වයන්ට අළෙවි කර ඇති පිරිසෙන් අධිභාර කරගැනීමේ හැකියාව සොයා බලන ලෙස කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම කොළඹ මහ නගර සභාවේ ක්‍රියාත්මක වූ smart street lighting ව්‍යාපෘතිය පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වුණා.

එහිදී කොළඹ මහ නගර සභාවේ මුදල් වැය නොවන වියදම් රහිත ව්‍යාපෘතියක් ලෙස ආරම්භයේ දී මෙය හැඳින්වුව ද මෙමගින් කොළඹ මහ නගර සභාවට රුපියල් බිලියන 2.45 ක පාඩුවක් සිදුව ඇති බව හිටපු කොමසාරිස්වරිය කාරක සභාවට දැනුම් දුන්නා.

ව්‍යාපෘතිය මෙහෙය වූ අදාළ සමාගමේ ඇතැම් කොන්දේසි සඳහා තමන් එකඟ නොවීම හේතුවන් එම සමාගමේ නිලධාරියෙකු තමන්ට තර්ජන සිදුකරමින් ජාතික ආරක්ෂාවට තර්ජන එල්ලවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ බව ද ඇය කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය කොළඹ නගරයේ ආරක්‍ෂිත කලාපයක වීථි ලාම්පුවල පාලනය එම කාල සිමාවේ එම සමාගම පාලනයේ තිබු බවත් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් අදාළ වගකිව යුතු අංශ දැනුවත් කිරීමට පියවර ගත් බවද පැවසුවා.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා මෙම කාරණය බරපතල බවත් ඒ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වහාම පැමිණිල්ලක් ගොනු කරන ලෙසටත් උපදෙස් ලබාදුන්නා.

මේ අතර කොළඹ මහ නගර සභාවට අයවිය යුතු හිඟ වරිපනම් ආදායම් ගණන කෝටි 500කට අධික බව විගණකාධිපතිවරයා පෙන්වා දුන්නා.

කොළඹ මහ නගර සභාවේ ආදායම්වල වාර්ෂික වර්ධනයක් තිබුණ ද මෙලෙස හිඟ අදායම් එකතු කරගැනීමේ නිසි වැඩ පිළිවෙලක් නොමැතිවීම හේතුවෙන් අය විය යුතු හිඟ මුදල වසරින් වසර වර්ධනය වෙමින් පවතින බව විගණකාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් කොළඹ මහා නරග සභාවේ නිලධාරීන් මෙම හිඟය වසර ගණන සිට එකතුවෙමින් පවතින බවත් එම තත්ත්වය නිරාකරණය කිරීමට මූලිකවම වරිපනම් ගෙවීමට පවතින දේපොළ නිසියාකාරව හඳුනාගත යුතුව පවතින බවත් පැවසුවා.

ඒම දේපළ හඳුනාගැනීම සඳහා සමීක්ෂණයක් සිදුකිරීමටත් ඒ ඔස්සේ හිඟ මුදල් ගෙවීමට සිටින පිරිස් හා එම මුදල් ප්‍රමාණය ගැන පැහැදිලි තොරතුරු ලබාගත හැකිවන බවත් එම නිලධාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූවා.

මෙහිදී කරුණු දැක් වූ කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් මෙම හිඟ මුදල් ලබාගැනීම සඳහා නිසි කාල රාමු ඇතුළත් වාර්තාවක් සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කළා.

ඒ, අනුව මේ වන විට හඳුනාගත් දේපොළ පවතින කොළඹ කොටුව ප්‍රදේශය තුළ එම හිඟ මුදල් මාසයක් තුළ අයකර ගැනීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කාරක සභාව උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම කොළඹ අනෙකුත් ප්‍රදේශවල දේපළ හඳුනාගනිමින් එම හිඟ මුදල් කඩිනමින් අය කර ගැනීම සඳහා කාල වකවානු ඇතුළත් සැලැස්මක් සහිත වාර්තාවක් සතියක් තුළ සකස් කර කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබා දුන්නා.

මේ අතර මහ නගර සභාව සතුව නිරවුල් නොවී පවතින ඉඩම් නිරවුල් කරගැනීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුවුණා.

එහිදී මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සහ බාහිර පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් මේ වසර අවසානයට පෙර කොළඹ මහ නගර සභාව සතුව පතින සියලු ඉඩම්වල නිරවුල් භාවය සහතික කළ හැකි බව නිලධාරීන් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්ත රොබට් ගුණවර්ධන මාවතේ ආරම්භ කළ කුණු පොල - "ප්‍රජා සත්කාර සේවයක් ඇත්තටම හොඳයි"
02:22
Video thumbnail
පැතිර යන ඩෙංගු උවදුර මර්දනයට සජිත්ගෙන් යෝජනා කිහිපයක් - නිලධාරින් 346ක් ඉන්න ඕනි තැන 192යි ඉන්නේ
11:02
Video thumbnail
දළඳා මාළිගාව වැද පුදා ගන්න ආ හිටපු ජනපති මහින්ද - හැමෝටම අතත් වනාගෙන ගිය හැටි
03:08
Video thumbnail
මහින්ද රාජපක්ෂගෙන් ප්‍රබල ප්‍රකාශයක් - "මම දේශපාලනයෙන් සමුගන්නේ නෑ" මට කණගාටුයි
02:28
Video thumbnail
තව මීට වැඩිය සහන එනවා..කළබලවෙන්න එපා - හරිම සන්තෝෂයි..අඩු වුණොත් ජය වෙනවා.
07:23
Video thumbnail
ගෑස් මිල ගැන අහද්දි මිනිස්සුන්ට යකා නගියි - ඔහොම අඩු කරලා බෑ..ආණ්ඩුව හරියට මොරගහකන්ද ජලාශය වගේ
04:44
Video thumbnail
ඩෙංගු ම#ණ ඉහළ යයි - ම#ණ ගැන විශේෂ අනාවරණයක්..වැඩිපුරම කාන්තාවන්
07:14
Video thumbnail
"හොඳටම බීලා වැනි වැනි හිටියේ"ඩෝප් වූ ජීප් රථ රියදුරෙක් අධි බලැති ට්‍රාන්ස්ෆෝමර් 03ක් බිම දාලා
01:58
Video thumbnail
සමාජ මාධ්‍ය කළඹපු මේ වීඩියෝවට ඔයත් හිනාවුණාද ?මේක විහිළුවක් නෙවෙයි තප්පරයක අමතක වීමක්
02:41
Video thumbnail
ඩුබායි යන්න කළින් අනිවාර්යෙන් දැනගත යුතු වෙනස්වුණු වීසා, වැටුප්, නීති මෙන්න
02:56