රණවිරුවන්ගේ සුබසාධනය ගැන සොයා බැලීමට පත්කළ කමිටුවේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

මව්බිමේ නිදහස වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා රණක්‍ෂිතයට පත් මෙන්ම, විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය සහ ප්‍රතිලාභ සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද කමිටුවේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ තවත් සාකච්ඡාවක් පෙරේදා (24) දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකරගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේ දී පැවැත්වුණා.

මින් පෙර පැවති සාකච්ඡාවල දී එළඹි තීරණයකට අනුව හමුදා සේවයේ යෙදී සිට විශ්‍රාමික, මියගිය, ආබාධිත, යුද්ධයේදී අතුරුදන්වූ, නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත්වූ හමුදා සාමාජිකයින් සහ වැන්දඹුවන්/එම පවුල්වල සාමාජිකයින් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීම සහ ඔවුන්ගේ නොවිසඳුණු ගැටළු නිරාකරණය කිරීම, සම්බන්ධයෙන් රණවිරු සේවා අධිකාරියේ විශේෂ ඇමතුම් මධ්‍යස්ථානයක් ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධික්‍ෂණය යටතේ කඩිනමින් ආරම්භ කිරීමට තීරණය කෙරුණා.

පවතින ගැටළු සම්බන්ධයෙන් දැනුම්දීමට ක්‍ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී ඒ හරහා දැනුම්දෙන ලද ගැටළු වාර්තා කර ඒ සම්බන්ධව පසුවිපරම් කිරීම තුළින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව නිසි පරිදි ඔවුන් වෙත සන්නිවේදනය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීමට කටයුතු සිදුකරන ලෙස නියෝජ්‍යය අමාත්‍යවරයා මෙහිදි අදාළ නිලධාරීන් හට උපදෙස් ලබා දුන්නා

දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම, රණක්‍ෂිතයට පත් රණවිරුවන් මුහුණ දෙන දිගුකාලීන ගැටළු නිසි ක්‍රමවේදයක් ඔස්සේ හඳුනාගැනීමටත්, පසුගිය කාලසීමාව පුරාවට නොවිසඳුණු අවශ්‍යතා සහ ගැටලුවලට වඩාත් ප්‍රයෝගික මෙන්ම කඩිනම් විසඳුම් ලබාදීම සදහාත් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත‍්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම ජ්‍යෙෂ්ඨ කමිටුව පසුගිය වසරේ දෙසැම්බර් මස ස්ථාපිත කළා.

මෙම ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් – ආරක්‍ෂක, රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන්, විෂයානුබද්ධව කටයුතු කරන ත්‍රිවිධ හමුදාවේ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:34
Video thumbnail
හැමෝම හොයපු ලිපිය සුජීව රටටම හෙළිකරයි
18:28
Video thumbnail
බොයිලර් කුකුළෙක් හදනවා වගේ දුම්රිය රියදුරෙක් හදන්න බෑ - ඇමතිලා සතුටු කරන්නයි ට්‍රේනින් එක කරන්නයි බෑ
04:30
Video thumbnail
ගමක් හොල්මන් කළ කාන්තාවකගේ අතුරුදන්වීම
03:46
Video thumbnail
දුම්රිය රියදුරන්ගේ පුහුණු කාලය අඩු කරලා ?මහ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
08:46
Video thumbnail
මේ ආණ්ඩුව ගෙදර යවන තුරු මේ අරගලය නවත්වන්නේ නෑ
07:46