වතිකානුවෙන් විශේෂ නිවේදනයක්

ශ්වසන අර්බුදයකින් පීඩා විඳින ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වතිකානුව සෙනසුරාදා (22) නිවේදනය කළා.

ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ශුද්ධෝත්තම පාප් වහන්සේ පසුගිය 14 වනදා හදිසියේම රෝහල් ගත කරනු ලැබුවා.

උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගොස් ඇති බවත්, උන්වහන්සේ “දිගුකාලීන ඇදුම වැනි ශ්වසන අර්බුදයකින්” පීඩා විඳි බවත්, රුධිර පාරවිලයන අවශ්‍ය බවත් වතිකානුව ඊයේ සිදුකළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම උන්වහන්සේට අතිරේක ඔක්සිජන් ලබාදීම අඛණ්ඩව සිදුකරන බවත් වතිකානුව සඳහන් කරනවා.

මේ වනවිට 88 හැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවශ්‍ය සියලු ප්‍රතිකාර නොඅඩුව සිදුකෙරන බවයි වතිකානුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පාප්තුමාගේ වෛද්‍යවරු පසුගිය සිකුරාදා (21) ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සඳහන් කළේ උන්වහන්සේගේ ජීවිතයට ආසන්න අවදානමක් නොමැති නමුත්, අනතුරෙන් මිදී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
9
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47