වතිකානුවෙන් විශේෂ නිවේදනයක්

ශ්වසන අර්බුදයකින් පීඩා විඳින ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වතිකානුව සෙනසුරාදා (22) නිවේදනය කළා.

ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ශුද්ධෝත්තම පාප් වහන්සේ පසුගිය 14 වනදා හදිසියේම රෝහල් ගත කරනු ලැබුවා.

උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගොස් ඇති බවත්, උන්වහන්සේ “දිගුකාලීන ඇදුම වැනි ශ්වසන අර්බුදයකින්” පීඩා විඳි බවත්, රුධිර පාරවිලයන අවශ්‍ය බවත් වතිකානුව ඊයේ සිදුකළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම උන්වහන්සේට අතිරේක ඔක්සිජන් ලබාදීම අඛණ්ඩව සිදුකරන බවත් වතිකානුව සඳහන් කරනවා.

මේ වනවිට 88 හැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවශ්‍ය සියලු ප්‍රතිකාර නොඅඩුව සිදුකෙරන බවයි වතිකානුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පාප්තුමාගේ වෛද්‍යවරු පසුගිය සිකුරාදා (21) ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සඳහන් කළේ උන්වහන්සේගේ ජීවිතයට ආසන්න අවදානමක් නොමැති නමුත්, අනතුරෙන් මිදී නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01